Home Local News Room : චීන පොහොර නැව් සෙල්ලමේ අලුත්ම තත්වය

News Room : චීන පොහොර නැව් සෙල්ලමේ අලුත්ම තත්වය

0
0

ප්‍රතික්‍ෂේප කරනු ලැබූ. කාබනික පොහොර නැව සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පලුදු නොවන අයුරින් විසඳා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය  තාන්ත්‍රික මට්ටමින් මෙම කරුණ බේරුම් කර ගැනීම සඳහා විදේශ කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්  පත්කිරීමට තමා යෝජනා කොට ඇතැයි මේ පිළිබඳව “ඉරිදා මව්බිම”  කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විදේශ කටයුතු ඇමැතිවරයා සමඟ තමා සාකච්ඡා කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ප්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර නැව වෙනුවට වෙනත් කාබනික පොහොර නැවක් ගෙන්වා ගන්නා බවට පසුගිය දිනවල හිටපු කෘෂිකර්ම ඇමැතිවරුන් පැවැසුවද ඒ වෑයමද මේ වන විට ව්‍යාර්ථ වී ඇති බව පැවැසේ.

මේ සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී “චින්දාවෝ සීවින් එන්. බයෝටෙක් සමාගම” එම පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙරටින් වන්දි මුදලක්ද ඉල්ලා තිබූ බව වාර්තා විය.

කෙසේ වෙතත් චීන කාබනික පොහොර නැව මෙරටට ගෙන්වා ගැනීමේදී ඇති කරගත් ගිවිසුම්වල සැකමුසු තැන් බොහෝ ප්‍රමාණයක් තිබූ බවට සහ එම ගනුදෙනුවේදී මෙරට බලධාරීන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් මෙරට කෘෂි විද්‍යාඥයන් හා පාංශු විද්‍යාඥයන් සිය නොසතුට පසුගිය කාලය පුරාම පළ කළ අයුරු දක්නට ලැබිණි.

මෙය මිලියන ගණනින් මුදල් අපතේ යැවූ නිෂ්ප්‍රයෝජන කාර්යයක් බව උපුටා දක්වමින් ඔවුහු මේ පිළිබඳව චෝදනා කළහ.

සවනි ශේශාධි, නිර්මාණි ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here