Home Local News Room : ඇත්දෙමට-අංකෙන්ද-නික කොළවලින් කාටිලේජ වර්ධනය කරන ඔසු වට්ටෝරුවක්

News Room : ඇත්දෙමට-අංකෙන්ද-නික කොළවලින් කාටිලේජ වර්ධනය කරන ඔසු වට්ටෝරුවක්

3
0

කැල්සියම් යනු අස්ථි වර්ධනයට හා පෝෂණයට අවශ්‍ය සාධකයක්. නමුත් අවුරුදු 40 ඉක්මවන විට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය සිරුරට උරාගෙන වැඩිපුර ප්‍රමාණය සිරුරේ තැනින් තැන තැන්පත් වීමට පටන් ගන්නවා. ඒවා හන්දි සේම ඇට (අස්ථි) ආශ්‍රිතව සිදුවන්න පුළුවන්.

සරලව සඳහන් කළහොත් කැල්සියම් තැන්පත් වීම නිසා ස්නායු මාර්ග අවහිර වන අතර එවිට සංවේදන ගමන් කිරීම අපහසු වනවා. ඒ වගේම ඇට හා හන්දි නමන විට හා දිගහරින විට ඉතා තද වේදනාවක් ගෙන දෙනවා. විළුඹ ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම නිසා කකුල බිම තැබීමට අපහසු වනවා සේම කකුල්වල හිරිවැටීමක්ද ඇති වන්න පුළුවන්. උරහිසේ කැල්සියම් එකතුවීම නිසා අත ඉස්සීම පවා අපහසුවනවා.

උරහිසේ ඇතිවන මේ තත්ත්වය අවබාහුක නමින් හ¾දුන්වනවා. අතේ මැණික් කටුව ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීමෙන් අත මිට මොළවා ගැනීම අපහසුවනවා වගේම ඇඟිලි හිරි වැටෙනවා. මේ තත්ත්වය කාන්තාවන්ට වැඩියි. රෙදි සේදීම, පොල් මිරිකීම, කොණ්ඩය බැඳීම වැනි සුළු කාර්යයක් පවා කර ගැනීමට අපහසු වනවා. දණිස්වල කැල්සියම් තැන්පත් වූ විට නැමීම දිගහැරීම අපහසුවන අතර ඉඳගැනීමට හා සිටගෙන සිටීමටද අපහසු වනවා. 

මෙම අපහසුතාව දිගටම පැවතීම නිසා හන්දි අතර කාටිලේජ ගෙවීමටත් එය මූලිකම හේතුවක් වනවා. වැඩි වශයෙන් අපට සමාජය තුළ හමුවන්නේ දණිස් හා කො¾දුනාරටිය ආශ්‍රිත වූ කාටිලේජ රෝගී තත්ත්වයට පත්වූ අවස්ථායි.

කොන්ඩ්‍රොසයිට් (Chondrocytes) නම් විශේෂිත සෛල වර්ගයකින් කාටිලේජ නිර්මාණය වන අතර ඒවා තුළ තුනී කොලජන් ප්‍රත්‍යස්ථ තන්තු පවතින අතර ලේ නහර ඒ තුළ නොපවතී. නමුත් කාටිලේජ පෝෂණය වන්නේ ඒ වටා ඇති මාංස තන්තු හා පටක මෙන්ම අස්ථි බන්ධනී පටකවලිනි. මේ නිසා කාටිලේජ අනෙක් පටකවලට සාපේක්ෂව අලුතින් ඇතිවීම හා වර්ධනය වීම ඉතා සෙමින් සිදුවේ.

එනම් කාටිලේජ රෝගී තත්ත්වයට පත්වීම ඉක්මනින් සිදුවුවත් එය නැවත ප්‍රකෘති තත්ත්වට පත්වීම ඉතාම සෙමින් සිදු වන්නක්. සිරුරේ කොතැනක හෝ පවතින ගෙවීයෑමෙන් හෝ කිසියම් හේතුවකින් රෝගී තත්ත්වයට පත්ව ඇති කාටිලේජ යථා තත්ත්වයට පත්කිරීමට දේශීය ආයුර්වේදය තුළ හා පැරණි වෙද පුස්කොළ පොත්වල ඔෟෂධීය පෝෂණ ගුණයෙන් යුතු පත්තු හා තැවිලි පොට්ටනි වර්ග අපට හමුවනවා.

එසේම පුරාණ කේරළීය සම්ප්‍රදායෙන් පැවත එන කාටිලේජ නැවත ප්‍රතිස්ථාපනය සිදු කරන ඔෟෂධ වට්ටෝරුවක් පහතින් දක්වමි.

ඇත්දෙමට කොළ – පොතු – යුෂ

අංකෙන්ද කොළ – පොතු – යුෂ

නික කොළ – පොතු – යුෂ

බෙහෙත් එඬරු කොළ – පොතු – යුෂ

හාතවාරිය අල යුෂ

ගොඩපර යුෂ

කවෙළු යුෂ

ඉහත එක් වර්ගයකින් බෝතල 1/4 බැගින්ද ගිතෙල්, තල තෙල්, අබ තෙල් බෝතල් 1/2 බැගින්ද ගෙන ද්‍රව්‍ය එක එකක් මැටි මුට්ටියකට දමමින් මඳ ගින්නේ හැඳි ගාමින් මී ඉටි ස්වල්පය බැගින් සන්ධානය කරගත යුතුයි. අවසානයේ මෙය ආලේප කිරීමට හැකි පරිදි තලප පදමට පැමිණේ.

කෙසේ වෙතත් මෙය පාවිච්චියේදී නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි. අකර්මණ්‍යතාවට පත්ව ඇති ඔබගේ කාටිලේජවල පවතින රෝගී අවස්ථාව පිළිබඳ නිසි අයුරින් දැනුවත් විය යුතුයි. මෙහිදී මෙම ඔෟෂධය ආලේප කරගෙන සිටිය යුතු කාලයද රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

කාටිලේජ ගෙවී ඇති විටදී මෙන්ම හදිසි අනතුරකදී බිඳී ගිය කාටිලේජ ඇති විටද ඒව වර්ධනයට හා පෝෂණයට මෙම ඔෟෂධය භාවිත කළ හැකියි.

නමුත් අභ්‍යන්තරවද ඔෟෂධ ලබා ගැනීම කරන අතරතුරම මෙම ආලේප වර්ග යෙදීම මඟින් මාස තුනක් වැනි සුළු කාලයක් තුළදී කාටිලේජවල ඇති දුර්වලතා දුරලීම ආරම්භ කිරීමට තරම් හැකියාවක් පුරාණ කේරළීය, ඉන්දියානු හා ආයුර්වේදීය ඔෟෂධ තුළ ගැබ් වී පවතී.

විජිත කේ. පතිරණ

වෛද්‍ය

එන්. දිල්හාරා ඩයස්

D.A.S.N. (Hons)
M.Ac.F (SL) I.F.A.S.Sc Chandigarh (India)
Q.C.O.P (India)

ස්වර්ණහංස ආයුර්වේදය

0778075452

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here