නිල ප්‍රතිකාර ක්‍රමයේ මහ බලගතු බව බොහෝ දෙනා දන්නේ නැහැ. නමුත් මෙරට පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රමුඛවම යොදා ගත් ක්‍රමයක් තමයි නිල ප්‍රතිකාර ක්‍රමය. එය බොහෝ රෝග පීඩාදිය ඇති වන්නට පෙරම නැති කර දමන්නක්. ඉසිවර වෛද්‍යවරු පුරාණයේ රටවැසියන්ට මේ ක්‍රම භාවිතය ගැන කියා දී තිබුණා. ඒ නිසා ඒ අය වඩාත් නිරෝගිව කාලයක් ජීවත් වුණා. මෙම චිකිත්සාවේ ඇති විශේෂත්වය මෙහෙමයි.
අත්ලෙහි, යටි පතුලෙයි හෝ සියලු නිල තැන් වෙත දිනපතා විනාඩි 10ක් විතර පීඩනය දුන්නොත් බැටරියක සෛලයකට නැවත බලය කැව්වා වගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් ක්‍රියාකාරීව අන්තෝසර්ග සියල්ල සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනවා. එහි ප්‍රතිඵලය තමයි ශරීරයේ සියලු ඉන්ද්‍රියන් හා ග්‍රන්ථි මනා ලෙස පෙළ ගැසී නියමාකාරයෙන් ක්‍රියාත්මක වීම. එයින් මනා ලෙස සෞඛ්‍ය පැවැත්වෙන අතරම පිළිකා ඇතුළු කුමන ආකාරයේ රෝගයක් හට ගැනීම වුව බොහෝ දුරට අවම කෙරෙනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමයේ ජීව විදුලි පුවරුව තියෙන්නේ දෙඅත්ලේ සහ දෙපතුලෙයි. ජීව විදුලි බලය ශරීරයේ සියලු ඉන්ද්‍රියන් වෙත ගලා යන විට අදාළ නිල තැන් වෙත පීඩනය දීමේදී වේදනා ඇති වෙන්නේ නෑ. එහෙත් මෙය නිවැරැදිව නොකළොත් දැනුම නැතිව නොකළොත් එය වරදින්නත් පුළුවන්. ඒ නිසාම ඉසිවර වෛද්‍යවරු තම ශිෂ්‍ය පරම්පරාවලට මේ වෛද්‍ය ශාස්ත්‍රය වඩාත් ප්‍රායෝගිකව පුහුණු කරවලා තියෙන්නේ ඒ බරපතළකම දන්නා නිසාමයි.
“අෂ්ඨ පරීක්ෂා පොත” මේ ගැන මෙහෙමත් කියා තියෙනවා.
“අඟුෂ්ට මූලසඟිස්ථානෙ ෙදාෂවිෂෙසා වහතියා සාසව–ඟා නාඩි පුර්වාචා යෛර්යස්සමාඛ්‍යතා”
එහි සිංහල අර්ථය මෙහෙමයි.
“මාපටැඟිලි මුල පිහිටියා වූ සටහන් ඇති යම් නාඩියක් නොම නොයෙක් ප්‍රකාරයෙන් දෝෂ විශේෂයෙන් උසුලන්නේය. ඕතොමෝ සියලු ශරීරයෙහි පූවාචාර්යන් විසින් කියන ලදී”
ඒ නිසා නිල ප්‍රතිකාරත් සමඟ මේ රටේ මෙතෙක් පැවත එන දේශීය ප්‍රතිකාර වියත් සමඟ ශරීරයේ ඕනෑම තැනක් රෝගී වුණොත් එය පූර්ණ වශයෙන් සුවපත් කළ හැකියි.
අප වෙත රැගෙන ආ එක් රෝගියකුට තිබුණේ තමන්ගේ එක් අතකින් ලියන්නට හෝ කිසියම් භාණ්ඩයක් ඔසවන්නට බැරි තත්ත්වයක්. බැලූ බැල්මට එය වාත රෝගයක් කියා මේ අය නොයෙකුත් ප්‍රතිකාර කර තිබුණත් ඇත්තටම රෝගියා අප වෙත ආවේ නැත්නම් ඔහු පත්ව තිබුණේ අර්ධ වශයෙන් අංශභාග රෝග තත්ත්වයකටයි. නාඩි අල්ලා බැලුවාම, නිල තෙරපා බැලුවාම සියල්ල අපට වටහාගත හැකි වුණා. අප වහ වහා ඔහුට ප්‍රතිකාර කළා. සත්කාර කළා. ඊට රෝගියාගෙනුත් යහපත් ප්‍රතිචාර තිබුණා. රෝගියා රැගෙන ආ අයත් හොඳින් සහාය වුණා. අවශ්‍ය ප්‍රතිකාර දිගටම කරගෙන ගියා. ඉතා ඉක්මනින් රෝගියාගේ තිබුණු අර්ධ අංශභාග තත්ත්වය නැති වුණා. ඔහු දැන් පූර්ණ සුව ලැබූවෙක්.
වෛද්‍යවරයා හමුවිය හැකි තැන් මෙහෙමයි.
අඟහරුවාදා _ අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා _ රත්නපුර, සිකුරාදා – මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා _ මහනුවර අඹතැන්න.
සුලක්ඛන ජයවර්ධන
වෛද්‍යාචාර්ය,
ජයන්ත බණ්ඩාර
අංකුඹුර,
රාමකොටුව
072-4464957
071-6080849






