Home Local News Room : සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන ඉඟියක්

News Room : සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන ඉඟියක්

1
0

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස අග ප්‍රකාශයට පත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව වාර්තා විය.

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844කදී පැවැත්විණි.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 517,486 දෙනෙක් සහභාගි වූහ.

ඉන් 407,129 ක් පාසල් අයැදුම්කරුවන් වූ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 590 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here