Home Local News Room : වී ගොවීන්ට යූරියා කිලෝ 50ක මල්ලක් රුපියල් දස දහසකට

News Room : වී ගොවීන්ට යූරියා කිලෝ 50ක මල්ලක් රුපියල් දස දහසකට

4
0

අමෙරිකානු ඩොලර් මිලියන 110ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යංශයට අද (ඔක්. 28) ලැබී තිබෙන අතර ඒ අනුව වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදු කළ සාකච්ඡා කිහිපයකදී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහයක් වශයෙන් මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ.

එය සම්පූර්ණයෙන් ම සැපයීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ තහවුරු කරයි.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුඹුරු හිමියන්ට මෙම පොහොර ඍජුව ම බෙදා හරිනු ඇත

අවම හෙක්ටයාර 2ක් දක්වා වී වගා කරන කුඹුරු හිමියන්ට තමන් වී සඳහා සකස් කර ඇති ප්‍රදේශය අනුව ස්ථාවර මලු ප්‍රමාණයක් මිල දී ගැනීමට හැකියාව ලැබේ.

සෑම ගොවියෙකුට ම මිල දී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස්කම් සහිතව තීරණය වේ.

මීට අමතරව බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබා දීමට නියමිත අතර, එහි කිලෝ ග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කි.

මේ වන විට යුක්ක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක භූ දේශපාලන තත්ත්වයන් තුළ ඉතාමත් අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයක් පොහොර නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් පවතී.

විකුණුම් වෙළඳපොළ මිල ඉහළ යමින් පවතින වාතාවරණයක කෘෂිකර්ම අමාත්‍යංශය මගින් යූරියා මෙට්‍රික් ටොන් 12,500ක්, මෙට්‍රික් ටොන් 50,000ක් සහ මෙට්‍රික් ටොන් 45,000ක් සැපයීමේ ගිවිසුම් තුනකට අදියර තුනකදී අත්සන් තබා තිබේ.

තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිත ය.

ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ගොවීන් වෙත බෙදා හැරීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ සහය ඇතිව කෘෂිකර්ම අමාත්‍යංශය මගින් වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා භූ-සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් (GEMS) යෙදවීමට පියවර ගෙන තිබේ.

පාරිසරික හා සමාජයීය අවදානම් කළමනාකරණය, දුක්ගැනවිලි විසඳීම සහ බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා ද එම පද්ධතිය භාවිත කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here