Home Local News Room : ලංවිමෙන් තවත් ගාස්තුවක් පාරිභෝගිකයාගේ මල්ලට

News Room : ලංවිමෙන් තවත් ගාස්තුවක් පාරිභෝගිකයාගේ මල්ලට

5
0

විදුලි බිල අය කර ගැනීමේදී තැපැල් දෙපාර්තමේන්තුවට විදුලි බල මණ්ඩලය මෙතෙක් ගෙවූ සියයට 2ක කොමිස් මුදල ගෙවීම නතර කර ඇති බැවින් ඒ වෙනුවෙන් සෑම විදුලි බිලකට ම රුපියල් 20ක් පාරිභෝගිකයාගෙන් වැඩිපුර අය කර ගන්නා ලෙස තැපැල්පතිවරයා චක්‍රලේඛයක් මගින් තැපැල් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.

මෙම අය කර ගැනීම සිදු කරන්නේ තැපැල් කාර්යාල එම බිල්පත් අය කර ගැනීම හා ඒවා විදුලි බල මණ්ඩලයට යැවීම සඳහා වන මෙහෙයුම් කටයුතු සඳහා යැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් විදුලි බිලට පමණක් අදාළව මුදල් රැගෙන තැපැල් කාර්යාල වෙත එන පාරිභෝගිකයින් අසරණ වන බව ත් ඔවුන් විදුලි බිලට හිඟ තබා මෙම ගෙවීම සිදු කරන බව ත් තැපැල් ස්ථානාධිපතිවරු පවසති.

පෙර ලිපිය“අභියෝගවලට මුහුණ දිය හැකි අය ඉන්නේ පොහොට්ටුවේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here