Home Local News Room : මාතර පොල්හේනේ මුහුද කොළ පාට වෙයි

News Room : මාතර පොල්හේනේ මුහුද කොළ පාට වෙයි

4
0

මාතර පොල්හේන සිට වැල්ලමඩම දක්වා මුහුදු තීරයේ ජලය පෙරේදා (26දා) සිට දීප්තිමත් කොළ පැහැයක් ගැනීම පිළිබඳව පර්යේෂණ සිදුකළ නාරා ආයතනය, නොක්ටිලුකා (Noctiluka) නමැති ඇල්ගී විශේෂයක ශීඝ්‍ර වර්ධනය ඊට හේතු වී ඇති බව හෙළිකර ගෙන ඇත.

මුහුදු ජලය පෙරේදා (26දා) දහවල් කාලයේ ඉතා සුළු වශයෙන් කොළ පැහැ ගැන්වී ඇති අතර පැය කිහිපයකදී ඒ අවට මුහුදු ප්‍රදේශයම කොළ පැහැ වීම නිසා කලබල වූ ප්‍රදේශවාසීහු පොලිසියට දැන්වීමෙන් පසු නාරා ආයතනය දැනුවත් කොට ඇති අතර එහි නිලධාරීන් පැමිණ ජල සාම්පල ගෙන ගොස් පරීක්ෂණ කර තිබේ.

මෝසම් සමයේ සිදුවන කාලගුණ වෙනස්කම් සමඟ මුහුද කැළඹී මුහුදු පත්ලේ පෝෂක සහිත දියවැල් මතුපිටට පැමිණෙන බවත්, ඒ පෝෂකවලින් ඇල්ගී වර්ධනය සිදුවන බැවින් මෙසේ කොළ පැහැය දක්නට ලැබෙන බවත් නාරා ආයතනයේ කප්පරතොට පර්යේෂණ මධ්‍යස්ථානයේ ජේ‍යෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ ‘මව්බිම’ට ඊයේ (27දා) පැවැසීය. එම ජලය විස සහිත නොවන නමුත් ජලය කොළ පැහැ නම් දිය නෑමෙන් වැළකීම වඩාත් සුදුසු යැයිද ලියනගේ මහතා කීය.

ඇල්ගී සහිත ජලය රාත්‍රියේ දිලිසෙන බවත් ඊට හේතුව නොක්ටිලුකා ඇල්ගීය ආලෝකය නිකුත් කරනසුලු එකක් වීම බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එම ඇල්ගී සහිත කොළ පැහැ මුහුදු ජලය මේ වනවිට පොල්හේන ප්‍රදේශයෙන් ඉවත්වෙමින් වැල්ලමඩම දෙසට පාවෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

විනීතා එම්. ගමගේ,  මාතර – උදය කුමාර රණවීර

පෙර ලිපියකොරෝනා මධ්‍යස්ථානවලට රතු නිවේදන ඇවිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here