පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් 6ක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පෙත්සම් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ සෙසු පුරවැසියන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
යෝජිත පනත් කෙටුම්පත තුළින් යම් පුද්ගලයෙකු මාසිකව බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා අඩු කර ඇති බව පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.
රජය විසින් ඔක්. 21 වන දා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබීය.






