දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකය “වඩාත් ම භයානක හා අනපේක්ෂිත දශකයට” මුහුණ දෙමින් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
ඊයේ (ඔක්. 27) පැවති දේශනයකදී රුසියානු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ දේශනයේදී රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සාධාරණීකරණය කිරීමට උත්සහ කළ බව ය.
රුසියාවට එරෙහිව බටහිර රටවල් න්‍යෂ්ටික ප්‍රහාර පිළිබඳව තර්ජනය කරන බවට ද ඔහු එහිදී චෝදනා කර ඇත.
එම තර්ජනවලින් ආරක්ෂා වීමට “පවතින සියලු ක්‍රම” භාවිත කරන බවට ඔහු නැවත නැවතත් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.






