Home Local News Room : අමෙරිකාවට යන්න ගිය රන්ජන් ගුවන් තොටුපළේදී ආපසු හරවයි

News Room : අමෙරිකාවට යන්න ගිය රන්ජන් ගුවන් තොටුපළේදී ආපසු හරවයි

6
0

අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගි වීම සඳහා විදේශගත වීමට ඊයේ (ඔක්. 27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ රාත්‍රී 08.15ට කටාර් ගුවන් සේවයේ QR655 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු බව ය.

ඔහු කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට අමෙරිකාව බලා ගමන් කිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකට අදාළව ගුවන් ගමන් තහනම් කිරීමට අධිකරණය පියවර ගෙන තිබී ඇති අතර එය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබී ඇත.

ඒ අනුව විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

The post අමෙරිකාවට යන්න ගිය රන්ජන් ගුවන් තොටුපළේදී ආපසු හරවයි appeared first on මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here