Home Local News Room : 22න් හානි වුණේ රටටයි

News Room : 22න් හානි වුණේ රටටයි

0
0

රට නැවත ගෝත්‍රිකවාදයට යෑම වැළැක්වීමට තමා ඇතුළු පිරිසක් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබා නොදුන් බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.

මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් තම පක්ෂයට කිසිදු හානියක් නොවූ බවද හානිය වූයේ රටට බවද තම පක්ෂය කෑලිවලට කැඩී ඇති බවට යම් පුද්ගලයන් ගෙන යන ප්‍රකාශ අසත්‍ය බවද කාරියවසම් මහතා කීය.

බැසිල් රාජපක්ෂගේ දේශපාලනය නැවැත්වීමට කිසිවකුට නොහැකි බවද ඔහු දිගටම ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකරමින් සිටින බවද මෙම ව්‍යවස්ථා සංශෝධනයේ නරක පැතිකඩ ඉදිරියේදී පෙනෙනු ඇති බවද කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

පෙර ලිපියපාපන්දු නිලවරණය දින 69කින් පැවැත්වීමේ සැලසුමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here