Home Local News Room : සුපිරි ක්‍රීඩිකාවට ටෙනිස් පිටිය හැර යන්න බැරිලු

News Room : සුපිරි ක්‍රීඩිකාවට ටෙනිස් පිටිය හැර යන්න බැරිලු

1
0

නිමාවූ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගවලියෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබුණද තමන් ගත් එම තීරණය නැවතත් වෙනස් කරමින් ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පවසා තිබේ.

ඒ අනුව විශේෂ උත්සව සමුළුවක් අමතමින් මේ බව සඳහන් කර තිබූ 41 හැවිරිදි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙවැන්නකි. “මම පූර්ණ වශයෙන් මෙතෙක් ටෙනිස් ක්‍රීඩාවට සමුදී නැහැ. එසේම මා මෙතෙක් ටෙනිස් ක්‍රීඩාවට සමුදීම සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බලා නැහැ. කෙසේ වෙතත් මෙයට පෙර මා මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් සිතා බලා තිබුණත් එහිදී මට දැඩි කනගාටුවක් දැනුනා. කෙසේ වෙතත් විශ්‍රාම දිවියක් සමබරව ගත කිරීම සම්බන්ධයෙන් මට හැකිවෙතැයි මා සිතන්නේ නැහැ. එසේම මාගේ නිවසට පැමිණෙන ඕනෑම කෙනකුට මම එහිදී පුහුණුවීම් සිදුකරනවා දැකගත හැකිවේවි.”

කෙසේ වෙතත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 23කට හිමිකම් කියන සෙරීනා විලියම්ස් පසුගියදා නිමා වූ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුව වෘත්තීයමය ටෙනිස් ක්‍රීඩාවට සමුදීම සම්බන්ධයෙන් සලකා බලා ඇති බව නිල වශයෙන් නිවේදනය කළාය. ඒ අනුව තවදුරටත් තරගකාරී රටාව තුළ ක්‍රීඩා කිරීමට හැකිවේදැයි සැක සහිත බවත් තම සමුගැනීම සම්බන්ධයෙන් නිවේදනය කරමින් ඇය සඳහන් කර තිබිණි.

පෙර ලිපියපාපන්දු නිලවරණය දින 69කින් පැවැත්වීමේ සැලසුමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here