Home Local News Room : විදුලි බිලට තවත් බද්දක්

News Room : විදුලි බිලට තවත් බද්දක්

2
0

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් මේ මස 1 වන දා සිට සියයට 2.5ක බද්දක් විදුලි බිලට එකතු වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

විදුලි පාරිභෝගිකයන් ඇතුළු විදුලි බල කර්මාන්තයේ විවිධ පාර්ශ්වයන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බල කර්මාන්තයට බලපාන ආකාරය පිළිබඳ විමසීම් කර තිබෙන බව ත් ඔහු පැවසීය.

එසේ ම, ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය මිල දී ගන්නා සියලු පාර්ශ්වයන්ගේ විදුලිය මිල දී ගැනීම මත මේ බද්ද අය කිරීමට ලංවිම පියවර ගනු ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කළ නිසා විදුලි පරිභෝජනය මෙම බද්දෙන් නිදහස් කරන ලෙස තමා මුදල් අමාත්‍යංශයට යෝජනා කරන ලද බව ත් එයට පිළිතුරු ලෙස අදාළ පනතට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි සැපයුම මේ බද්දට යටත් වනු ඇතැයි මුදල් අමාත්‍යංශය දැන්වූ බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here