Home Local News Room : වැලිගම – ගාලු පාරේ කොටසක් තාවකාලිකව වැසේ: විකල්ප මාර්ග...

News Room : වැලිගම – ගාලු පාරේ කොටසක් තාවකාලිකව වැසේ: විකල්ප මාර්ග මෙන්න

5
0

වැලිගම නගර සභාව සංවිධානය කරන “COCO VALLI” සංචාරක ප්‍රවර්ධන වැඩසටහන වැලිගම නගරයේ පැවත්වීමට නියමිත බැවින් හෙට (ඔක්. 28) රාත්‍රී 10.00 සිට ඔක්තෝබර් 31 වන දා උදෑසන 6.00 දක්වා කාලය තුළ එය පැවැත් වෙන මාර්ග කොටසේ රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම වැඩසටහන වැලිගම නගරයේ ගාල්ල, මාතර අතුරු මාර්ගයේ කොටසක පැවත්වීමට සූදානම් කර ඇති බව ය.

ඒ අනුව, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

පෙර ලිපියබිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here