Home Local News Room : නේපාලයෙන් ලංකාවට ඖෂධ තොගයක්

News Room : නේපාලයෙන් ලංකාවට ඖෂධ තොගයක්

5
0

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (ඔක්. 27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත නිල වශයෙන් භාර දී තිබේ.

ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 බලංගොඩ සිංහ සමාජයේ ඉල්ලීම පරිදි පරිත්‍යාග කරන ලද මෙම ඖෂධ තොගය බලංගොඩ මූලික රෝහල වෙත භාර දීම එහිදී සිදු කර ඇත.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉරේෂා පතිරගේ යන මහත්ම මහත්මීන් සහ ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 හිටපු සිංහාධිපති ලසන්ත ගුණවර්ධන, ඒ.පී. ජගත්චන්ද්‍ර, ඩබ්.කේ.එන් විජේසූරිය, සුනිල් ඔබේසේකර, සිංහ සමන් කුමාර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සාමාජකයින් එම අවස්ථාවට එක්ව සිට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here