Home Local News Room : අමාත්‍යංශ කිහිපයක විෂය පථ යළි වෙනස් වෙයි

News Room : අමාත්‍යංශ කිහිපයක විෂය පථ යළි වෙනස් වෙයි

6
0

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ සංශෝධන අද (ඔක්. 27) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යංශවලින් ඉවත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති සීමා සහිත ලංකා පොස්පේට් සමාගම සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවති රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද එම අමාත්‍යංශවලින් ඉවත් කර ඇත.

ඒ අනුව, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ සීමා සහිත ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන මෙන් ම රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද තාක්ෂණ අමාත්‍යංශය යටතට පත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

පෙර ලිපියමහනුවර මහා පරිසර විනාශයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here