අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම අනුමත නොකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ රැඳවියන් දෙදෙනා ‘නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල’ නිරත වූ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාකිරීම අසාධාරණ, හිංසාකාරී තත්ත්වයක් බව තමන්ට නිරීක්ෂණය වී ඇති බවය.
අදාළ රැඳවියන් දෙදෙනාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට කොමිසමේ අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ගිය බවත්, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පැවති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.
වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කළ හැකි බවත්, ඔවුන් දින 90ක් රඳවා තැබීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් එහි අවධාරණය කර තිබේ.
මෙම රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.






