අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ බාලක ශූරතාව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනාගත් අතර හුංගම විජයබා ජාතික පාසල බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත්විය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන අංශයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ප්‍රභාත් ඉන්දික සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ආර්.ඩබ්ලිව්. ක්‍රිෂාන් දුමින්ද යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගාල්ල, දඩල්ල වෙරළ තීරයේදී දින 3ක් පුරා පැවැති මෙම තරගාවලියේදී යාපනය උඩුප්පිඩි බාලිකා විද්‍යාලය සහ පන්නල ජාතික පාසල බාලිකා අංශයේ අනු ශූරතාව සහ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත්වූහ.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය බාලක අංශයේ අනු ශූරතාව සහ තෙවැනි ස්ථානය හිමිකර ගත්හ.
බාලක
ශූරතාව – රුවන්වැල්ල රාජසිංහ මමවි (එන්.ජී.කේ. මධුසංක සහ ටී.ජී.එන්. කෞශල්‍ය)
අනු ශූරතාව – මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය (දසුන් නවෝද්‍ය පෙරේරා සහ රන්දික නිශාන් ප්‍රසිත්) තෙවැනි ස්ථානය – කොළඹ රාජකීය විද්‍යාලය (කේ.ඒ. නිපුන් සත්සර සහ අයි.වී.ඕ. සෙනෙවිරත්න)
බාලිකා
ශූරතාව – හුංගම විජයබා ජාතික පාසල (එච්.ආර්. සුරේකා දිල්ෂානි සහ කේ.බී. හිරුණි ප්‍රබෝධා) අනු ශූරතාව – යාපනය උඩුප්පිඩි බාලිකා විද්‍යාලය (වී. කපිෂ්නා සහ එම්. වනුෂියා)
තෙවැනි ස්ථානය _ පන්නල ජාතික පාසල (ජේ.ඒ. චමාදි නෙත්මිලා ජයකොඩි සහ කේ.එම්. ශෂ්නි මල්ෂානි)
ඉෂාන් රශ්මිත






