කුරුණෑගල, වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (ඔක්. 24) උදෑසන කාලයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියේ කාන්තාවක සහ වයස අවුරුදු 4ක් පමණ වූ කුඩා දැරියක ගැටී අනතුරක් සිදු ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, අනතුරින් කාන්තාව එම ස්ථානයේ මියගොස් ඇති අතර දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව ය.
මරණකාරියගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 28ත් 35ත් අතර වයසේ පසුවන උස අඩි 5 අගල් 4ක් පමණ වූ නිල් පැහැති මල් සායක් හා රෝස පැහැති ටී ෂර්ට් එකක් ඇඳ සිට ඇත.
හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






