භාෂාව කියන දේ අපි හැමෝටම ජීවත් වෙන්න එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්න අත්‍යවශ්‍ය දෙයක්. රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂාව කියන දේ වෙනස් වෙනවා. තමන්ගෙ මවු භාෂාවට අමතරව තවත් භාෂා ලියන්න, කියවන්න, කතා කරන්න පුළුවන් අය අපි අතර කොච්චර නම් ඇත්ද. සමහර විට මේක කියවන ඔයාටත් භාෂා ගණනාවක්ම ලියන්න, කියවන්න, පුළුවන් ඇති. සමහරවිට එහෙම නොවෙන්නත් ඇති.
හැබැයි ඔන්න අද මම මේ ලිපිය ලියන්නෙ නම් තමන්ගෙ මවු භාෂාවට වඩා තවත් භාෂා දන්න, නොදන්න ඔයාලා හැමෝටමයි. ඔයාලා ඔයාලගෙ mother language එකට අමතරව වෙනත් රටක භාෂාවක් දන්න කෙනෙක් නම් ඔයාලට යන්න තියෙන filed මොනවද වගේම එහෙම භාෂා දැනුමක් නැති හැබැයි ඉගෙන ගන්න ආස ඔයාලට යන්න පුළුවන් ් institutes මොනවද කියලා මම අද කියනවා. අපි දැන් බලමු අද වෙනකොට අපිට ගොඩක්ම ඕන වෙන භාෂා මොනවද කියලා.
01 චීන භාෂාව Chinese
අද වනවිට අපේ රටේ ගොඩාක්ම ඉදිකිරීම් කටයුතු කරන්නෙ චීනයට අනුබද්ධ සමාගම් තුළින් බව ඔබ අපි හැමෝම දන්න කරුණක්නෙ. අනාගතයේදී ඒ කියන්නෙ තව අවුරුදු කිහිපයක් වගෙ යන කොට අපිට අත්‍යවශ්‍යම භාෂාවක් බවට චීන භාෂාව පත් වෙයි කියලා මගේ අදහස.
ඉතින් චීන භාෂාව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා, “JCC campus”, “CRI campus” කියන ආයතන තුළින් පුළුවන් මේ භාෂාව ඉගෙන ගන්න.
02 ජපන් භාෂාව Japanese
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවෙ තියෙන companies වලින් සීයට අසූවක් පමණම ජපානය සමඟ සබඳතා පවත්වාගෙන යනවා. ඔබ ජපන් බස හොඳින් හසුරුවන අයෙක් නම් ඔබටත් පුළුවන් ජපානයට ඒකාබද්ධ මෙරට ඇති ව්‍යාපාර ආයතනයක් හා සම්බන්ධ වන්නට.
ඒ වගේම තමයි ඔබ ජපන් බස ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින අයෙක් නම්,
“CINEC” සහ “JCC” යන ආයතන හරහා ඔබට ඉගෙන ගැනීම් කටයුතු කිරීමට අවස්ථාව පවතිනවා.
03 ස්පාඤ්ඤ භාෂාව Spanish
තරමක් දුරට අමාරු තචදඨභචඨඥ එකක් තමයි Spanish කියන්නේ. ඒකට හේතුව තමයි එයාලගෙ කතා විලාසය සහ ව්‍යාකරණ රටාවට සහමුලින්ම වෙනස් මුහුණුවරක් තිබීම.
ලෝකයේ රටවල් අතරින් Permanent resident පුරවැසිභාවයක් ගන්න පුළුවන් හොඳම රටක් තමයි ස්පාඤ්ඤය කියන්නේ. ඔයාට ස්පාඤ්ඤයේ මඪඵච එකක් තිබෙනවා නම් තවත් රටවල් 164කට වැනි ප්‍රමාණයකට නොමිලේ visa ලැබෙනවා.
ඔයත් Spanish ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා නම්,
“Aquinas college Sri Lanka” “WN Spanish Academy” යන ආයතන මඟින් ඔබට ඉගෙන ගැනීම් කටයුතුවල නිරත වෙන්න පුළුවන්.
04 ජර්මන් භාෂාව Germane
සංචාරක ක්‍ෂේත්‍රයේ වැඩ කරන්න ඉන්න දැනට වැඩ කරන ඔයාලට නම් ජර්මන් භාෂාව ගොඩක් වැදගත් වෙනවා. මොකද කියනවා නම් අපේ රටට පැමිණෙන බොහෝ සංචාරකයන් ජර්මන් ජාතිකයන් වන නිසා. “Gothe – institute Sri Lanka” කියන ආයතනය මඟින් ඔයාට පුළුවන් ජර්මන් භාෂාව ඉගෙන ගන්න.
05 ප්‍රංශ භාෂාව ජ්පඥදජඩ
ප්‍රංශ භාෂාව නම් බොහෝ පාසල්වල දැනටමත් විෂයක් ලෙස උගන්වනවා. බොහෝ පාසල්වල A/L වලටත් සමහර පාසල්වල O/L වලටත් මේ භාෂාව හැදෑරීමට ඉඩ ලබා දෙනවා.
මෙරට පවතින ප්‍රංශයට අනුබද්ධ company එකකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට නම් French දන්නවා කියන්නේ. ඒක additional qualification එකක් වෙනවා.
දැන් අපි කතා කරමු අපිට වෙන භාෂාවක් හොඳට ලියන්න, කියවන්න, කතා කරන්න පුළුවන් නම් ඒ තුළින් අපිට තියෙන benefits මොනවද කියලා.
1. අපට මෙරට හෝ පිටරක රැකියාවක් කිරීමේ හැකියාවල් ලැබීම.
2. අපේ knowledge එක වැඩි දියුණු වීම.
3. අපිට ලෝකය පුරා විවිධ රටවල්වල සංචාරය කරන්න, තොරතුරු සොයා ගන්න ලේසියෙන්ම හැකි වීම.
4. අප අවට සිටින අය සමඟ අදහස් හුවමාරු කර ගන්න පහසු වීම.
5. අපිට අපේ නිර්මාණශීලීත්වය ලෝකෙටම පෙන්නවන්න හැකියාවක් ලැබීම.
6. විවිධ ආයතන තුළ පරිවර්තකයන් ලෙස සේවය කිරීමට හැකියාව ලැබීම.
7. විවිධ රටවල සංස්කෘතීන් ගැන විස්තර දැන ගන්න හැකි වීම.
මේක කියවන ඔයාලට ප්‍රශ්නයක් ඇති ඇයි මම මේ භාෂා අතරට ඉංග්‍රීසි භාෂාව (English language) ගැන පොඩි සටහනක් වත් දැම්මෙ නැත්තෙ කියලා.
දැන් මම කියන්නම් English language එක කොහොමද අපිට උදවු වෙන්නෙ කියලා.
අපි හැමෝම දන්නවා English කියලා කියන්නෙ ලෝකයේ බොහෝ රටවල භාවිත කරන ලෝකයේ පිළිගත් භාෂාවක් කියලා.
වර්තමානයේදී ජීවිතයේ ඉංග්‍රීසි භාෂාව නැතිවම බැරි භාෂාවක් වෙලා තියෙනවා. ඕනම රටකට ගිහින් තමන්ගෙ අදහස් හුවමාරු කර ගන්න අත්‍යවශ්‍ය භාෂාවක් තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නෙ. කෙටියෙන්ම කියනවා නම්,
English ගොඩ නම් ඔයත් ගොඩ තමයි.
අද වෙන කොට job එකක interview ගියත් හොයන්නෙ ඔයාගෙ English result එක.
1 වසරේ ඉදන් ඉංග්‍රීසි විෂයක් ලෙස ඉගෙන ගන්න අපිට මේ විෂය A/L O/L exam දෙකේම අනිවාර්ය විෂයක් වෙනවා.
ඒ අමතරව පෞද්ගලික ආයතන තුළින් පෞද්ගලික පාසල් මඟින් අපිට අපේ English knowledge එක improve කර ගන්න පුළුවන්.
ඔයත් university student කෙනෙක් නම් ඉංග්‍රීසි භාෂාවෙ වටිනාකම අමුතුවෙන්ම කියන්න ඕන නෑනෙ.
පොඩි කාලෙ A P P L E ඇපල් කියලා කියන තැන ඉඳන් මේ දක්වා English කියන language එක අපිට වැදගත් විෂයක් වෙනවා.
ඔන්න ඔය වගේ benefits ගොඩක් අපිට ලැබෙනවා මේ විවිධ භාෂා ඉගෙන ගැනීම තුළින්
සමහර විට මේ ලිපිය කියවන ඔයාටත් භාෂා කිහිපයක්ම පුළුවන් ඇති. ඒ වගේම සමහර අයට එහෙම නැතුවත් ඇති හැබැයි ඔය දෙගොල්ලන්ටම අද මගෙ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.
ලබන සතියෙත් තවත් වෙනස්ම topic එකක් අරන් මම එනවා.
දනෝද්‍යා විජේසේකර






