Home Local News Room : අද වැසි අඩුවෙයි – මව්බිම

News Room : අද වැසි අඩුවෙයි – මව්බිම

2
0

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය අද (ඔක්. 25) තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව ය.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පෙර ලිපියජොබ් ප්‍රශ්නෙන් ගොඩ එන්න අත හිත දෙන භාෂා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here