Home Local News Room : හෝමාපොළ වතුර ටැංකිය අසල අබිරහස් මරණයක්

News Room : හෝමාපොළ වතුර ටැංකිය අසල අබිරහස් මරණයක්

0
0

මහවෙල, හෝමාපොළ වතුර ටැංකිය අසල කැලෑ ප්‍රදේශයක පුද්ගලයෙකු ඊයේ (ඔක්. 23) දින සවස් කාලයේදී සැක කටයුතු ලෙස මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 58ක් වූ හෝමාපොළ ජනපද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා එළුවන් සඳහා කොළ අතුකැපීමට ගොස් සිටියදී සැක කටයුතු ලෙස මියගොස් ඇති බව ය.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (ඔක්. 24) සිදු කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here