Home Local News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය පතා ඩයලොග් වෙතින් තවත්...

News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය පතා ඩයලොග් වෙතින් තවත් මෙහෙයුමක්

4
0

ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් පිලේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම විසින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී  ලංකා කණ්ඩායමට ජය පතා විශේෂ ස්ටිකර් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. 2022 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබමින් 6 වැනි ආසියානු

කුසලානය හිමිකරගත් අපේ සිංහයන් ලොව දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම් සමඟ කරට කර තරග කරමින් දෙවැනි වරටත් විස්සයි-20 ලෝක ශූර කිරුළට හිමිකම් කීමේ අභිලාෂයෙන් තරගාවලිය වෙනුවෙන් සිය බලාපොරොත්තු ඉහළ නංවාගෙන තිබීමද විශේෂත්වයකි.

ස්ටිකරයේ තිබෙන QR ඛේතය මගින් මෙරට ක්‍රිකට් ලෝලීන්ට විස්සයි-20 ලෝක කුසලානය ජයගෙන වසර 8කට පසුව යළි ලෝක කුසලානයක් මවුබිමට රැගෙන ඒමට වරම් ලැබේවායි සුප පැතුම් ශ්‍රී  ලංකා කණ්ඩායමට එක් කර ශ්‍රී  ලංකා කණ්ඩායමට ජය පතන්නට අවස්ථාව හිමිව තිබේ. මෙයට අමතරව dlg.lk/apekollo ඔස්සේ සුබ පැතුම් ද්වාරය වෙත පිවිස ජාතික කණ්ඩායම වෙනුවෙන් සුබ පැතුම් කරන අතරවාරයේ ඩයලොග් විසින් පිරිනමන විශේෂ සමරු තිළිණ දිනා ගැනීමට අවස්ථාව ද සලසා ඇත.

පෙර ලිපියබැංකු යද්දී ලක්‍ෂ 21ක් කොල්ල කෑ දෙදෙනා අල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here