ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බව ත් ඒ සඳහා දායක වීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, “2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව” වැඩසටහනේ තරුණ, තරුණියන් සමග ඔක්තෝබර් 22 වන දා සූම් ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය.
රටේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු මෙන් ම වත්මන් තරුණ පරපුර මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට මෙහිදී අවස්ථාව සලසා දි තිබිණි.
මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.






