Home Local News Room : ගෑස් මිල යළිත් පහළට? – මව්බිම

News Room : ගෑස් මිල යළිත් පහළට? – මව්බිම

1
0

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ථ ගෑස් මිල තවදුරට ත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ලිට්‍රෝ ගෑස් සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට ද බලාපොරොත්තු වන බව ය.

ඔක්තෝබර් මස මුලදී කිලෝගෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් පහළ දමීමට ලිට්‍රෝ සමාගම පියවරය ගෙන තිබිණි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,280ක් දක්වා පහළ ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here