Home Local News Room : කෝටි 20ක ණය ගෙවනතුරු ළමා රෝහලට බෙහෙත් දෙන්න සමාගම්...

News Room : කෝටි 20ක ණය ගෙවනතුරු ළමා රෝහලට බෙහෙත් දෙන්න සමාගම් බෑ කියයි

0
0

ඖෂධ හිඟයකින් පෙළෙමින් සිටි රිජ්වේ ආර්යා ළමා රෝහලට සමාගම් රැසකින් ඖෂධ ලබා නොදෙන තත්ත්වයක් මතුව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවසීය.

ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් එම සමාගම්වලට ලබාදිය යුතු රුපියල් කෝටි 20කට ආසන්න හිඟ මුදලක් හේතුවෙන් මෙසේ ඖෂධ සැපයීම නතර කර ඇතැයි එම ප්‍රකාශකයා කීය.

ඒ අනුව, අදාළ හිඟ මුදල් ලබාදෙන තෙක් එම සමාගම් නැවත ඖෂධ ලබා නොදීමට පියවර ගෙන ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

අවශ්‍යතා අනුව මිල දී ගැනීම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් බලධාරින්ට අවසර දී ඇති නමුත් මහා භාණ්ඩාගාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදෙන්නේ නම් එම තීන්දුවෙහි කිසිදු අර්ථයක් නැතැයි එම ප්‍රකාශකයා අවධාරණය කළේ ය.

ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උග්‍රවිය හැකි යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හිඟය දැන් කලක් තිස්සේ පවතින අතර විවිධ පෞද්ගලික සංවිධාන හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත යැපීමට රෝහලට සිදුව තිබේ.

චීන රජය විසින් ද පසුගිය 14 වන දා රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් ලක්ෂ විස්සක් වටිනා ඖෂධ තොගයක් ලබා දෙනු ලැබ තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here