එල්.ටී.ටී.ඊ. ක්රියාකරකම්වලට සම්බන්ධ වී අධිකරණය මගින් වරදකරු වූ සිරකරුවන්ට ජනාධිපති සමාව ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
ඒ අනුව, අධිකරණය මගින් වරදකරුවන් වී සිර දඬුවම් ලැබ බන්ධනාගාරගත වී සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් 8 දෙනෙකු වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරු කළ පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ සමාව ලබා දී ඇත.
මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ ඔක්තෝබර් 21 වන දින මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් 4 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කළ බව ය.
එල්.ටී.ටී.ඊ. රැඳවියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩු එම රැඳවියන් ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත ය.
අනෙක් එල්.ටී.ටී.ඊ. රැඳවියන් දෙදෙනො පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතරෙ ලැබෙන උපදෙස් හා නියෝග අනුව කටයුතු කිරීම සිදු කරනු ලබන බව ඒකනායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.






