Home Local News Room : රන් මාලයක් කොල්ල කා යතුරු පැදියකින් පළා යමින් සිටි...

News Room : රන් මාලයක් කොල්ල කා යතුරු පැදියකින් පළා යමින් සිටි අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

2
0

මීගමුව නගරයේදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා යතුරු පැදියකින් පළා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වූ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද (ඔක්. 23) දහවල් කාලයේ මීගමුව නගරයේදී පළා යමින් සිටි අදාළ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ලුහුබැඳ ගොස් ඇත.

මිනුවන්ගොඩ දෙසට පළා යමින් සිටි කොල්ලකරුවන් කටුනායක පොලිස් වසමේ ආඬිඅම්බලම ප්‍රදේශයේදී ඔවුන් අත තිබූ ගිනි අවියකින් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කොල්ලකරුවන්ට වෙඩි තබා ඇති අතර ඔවුන් දෙදෙනා ම වෙඩි වැදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු මෙලෙස මියගොස් තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 25ක් වූ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව සහ කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පෙර ලිපියLTTE සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here