ප්‍රථම වරට පැවැත් වූ මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරගය ඇන්ජලියා ගුණසේකර ජයග්‍රහණය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ සවුත් බීච්හිදී එම තරගය පවත්වා ඇත.
එහි අවසන් තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු තරග වැදුණු අතර එහිදී ඇන්ජලියා ගුණසේකර පළමු මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් බවට පත් වී තිබේ.
එම තරගයෙන් ලැබෙන ආදායම මෙරට පිළිකා ජාතික රෝහල වෙත ලබා දීමට නියමිත ය.
එසේ වුව ද එම රාත්‍රිය අවසන් වී ඇත්තේ ගුටි බැට හුවමාරුවකිනි.






