ඩ්‍රෝන යානාවක් මගින් වික්ටෝරියා වේල්ල හා ජලාශය ආශ්රිත ප්‍රදේශයේ ඡායාරූප ලබා ගත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන වැලිගම හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (ඔක්. 22) උදෑසන කාලයේ වේල්ලේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන යුද්ධ හමුදා නිලධාරීන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලිසියට දැනුම් දී ඇති බව ය.
ඩ්‍රෝන යානා මගින් ඒ අවට ප්‍රදේශයේ ඡායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් සිදු නොකරන ලෙසට මෙම පිරිසට ආරක්ෂක අංශ උපදෙස් ලබා දී තිබියදී ඔවුන් වීඩියෝගත කිරීම සහ ඡායාරූප ලබා ගැනීමට කටයුතු කර ඇති බව පොලිසියි පැවසීය.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා නිසි බලධාරියෙකුගේ අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව වික්ටෝරියා වේල්ල හා ජලාශය පිහිටි කලාපය තුළ ඩ්‍රෝන් යානාවක් ගුවන්ගත කර ඡායාරූප ලබා ගැනීම සහ එම ඡායාරූප සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සන්තකයේ තිබූ කැමරාවක්, ඩ්‍රෝන යානාව දූරස්ථ පාලකයක් සහ ඔවුන් පැමිණ සිටි වෑන් රථය ද සමග තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙම ස්ථානය නරඹමින් ඒ අවට ප්‍රදේශයේ ඡායාරූප ලබා ගෙන ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






