22 සංශෝධනයෙන් ස්වාධිනත්වය තහවුරු වෙලා තිබෙන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසිය.
සමන් රත්නප්‍රිය මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සමන් රත්නප්‍රිය මහතා මෙසේ පැවසිය
22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවිම සම්මත කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ, මේ සදහා පාර්ලිමේන්තුවේ සියළු දේශපාලන පක්ෂ අත් උස්සලා සිය මනාපය පල කරලා තියෙනවා. ඒක මන්ත්‍රිවරයෙක් ඇරෙන්න.
මේකෙන් කියවෙන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ අදහසක් අනුව ඔහුගේම බලය සිමා කරලා මේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න, ප්රජාතන්ත්රවාදි අවකාශය වැඩි කරන්න , තනි පුද්ගලයෙක් සතුව රැදෙන බලය පාර්ලිමේන්තුවට පවරන්න ගෙනාපු යෝජනාවට සමස්ත පාර්ලිමේන්තුව එකගත්වය පල කරලා තියෙනවා.
රටේ සියළුම පක්ෂ ජනතාව අනුමත කරපු බවක් තමයි අපිට පෙන්න තියෙන්නේ , තනි පුද්ගලයෙක් පාර්ලිමේන්තු ඇවිල්ලා , අගමැති වෙලා , ජනාධිපති වෙලා , සශෝධනයක් ගෙනල්ලා , ප්රජාතන්ත්රවාදි හරය තේරුම්ගෙන සමස්ත පාර්ලිමේන්තුව එකගත්වය පල කිරිමට වැදගත් කාරණයක්.
19 වෙනි සංශෝධණයෙන් කරේ පාර්ලිමේන්තුවේ බලය වැඩි කරලා ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරිමක්, අපිත් ඒකට කැමති වුණා , මොකද අපිත් හිතුවා තනි පුද්ගලයෙක් සතුව අසිමිත බලයක් තිබිය යුතු නැ කියලා.
20 වෙනි සංශෝධනය ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහතා බරපතල අවුලකට පත් කරා , ජනාධිපතිවරයාට තවදුරටත් බලය කේනද්‍රගත කරන සශෝධනයක් තමයි එදා කරේ.
දෛවයේ හැටියට එදා එකට කැමති වුණ අයටම සිදු වෙලා තියෙනවා අත උස්සලා ඒකට විපක්ෂව ජන්දය දෙන්න.
21 වඩා 22 සංශෝධනයෙන් ස්වාධිනත්වය තහවුරු වෙලා තියෙනවා , ස්වාධින කොමිෂන් සභා පත් වෙනවා, ව්‍යවස්ථා සභාවත් පත් වෙනවා , ප්රජාතන්ත්රවාදය පළල් වෙනවා ඒක රටට හොදයි.
හිටපු ජනාධිපතිවරයාට අසිමිතය බලයක් ලබාදුන්නා ඒක කරන්න බැරි වුණා අවසානයේ ධුරය අතහරින්න සිදු වුණා. ඒක සිදු වෙනවා තනි පුද්ගලයෙක් සතුව අසිමිත බලයක් තිබුණොත්.
මේ සංශෝධනයෙන් එක් අඩු කරනවා , ජනාධිපතිවරයා ගත් තිරණය මල් ඵල ගැන්විලා තියෙනවා
– රංජිත් රාජපක්ෂ






