Home Politics රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පිලේ නායකත්වයට?

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පිලේ නායකත්වයට?

3
0

දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් බිහි කර තරඟ වැදීමට සාකච්ඡා පවත්වමින් සිටියි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදීද ඔවුන් එම නව සන්ධානයෙන් තරග කිරීමට යයි.

රට පුරා දිස්ත්‍රික්ක රැසක් නියෝජනය කරමින් විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරුන් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිතව ඇත.

ඇතැම් පිරිස් දැනටමත් මේ පිළිබඳව සිය ආසන මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සිදු කරමින් ඇති බවද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here