Home Local News Room : විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සකීබ් පෙරමුණට

News Room : විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සකීබ් පෙරමුණට

3
0


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් විස්සයි 20 ක්‍රීඩක ශේ‍ර්ණිගත කිරීම් පසුගියදා යාවත්කාලීන කර තිබූ අතර එහිදී තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් සමත්ව තිබීම කැපීපෙනිණි.

ඒ අනුව විස්සයි 20 ශේ‍ර්ණිගත ලකුණු 246කට හිමිකම් කියමින් සකීබ් එහි පෙරමුණ ගනිද්දී ශ්‍රී  ලංකාවේ වනිඳු හසරංග ශේ‍ර්ණිගත ලකුණු 176ක් සමඟින් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ සටහනේ 5වැනි ස්ථානයේ පසුවීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නභිටත් තුන්වැනි ස්ථානය එංගලන්තයේ මොයින් අලීටත් හිමිව තිබිණි.

මේ අතර විස්සයි-20 පන්දු යවන්නන් අතර එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 3 වැනි ස්ථානය හිමිකර ගැනීමට වනිඳු හසරංග සමත්ව තිබීමද විශේෂත්වයකි. මෙහිදී මෙතෙක් තුන්වැනි ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකාවේ තබේ්‍රස් ශම්සි සිවු වැනි ස්ථානයට ඇද දමමින් වනිඳු 3 වැනි ස්ථානයට පත්ව තිබූ අතර වනිඳුට හිමිව තිබූ ශේ‍ර්ණිගත ලකුණු සංඛ්‍යාව 692කි. ඕස්ට්‍රේලියාවේ ජොෂ් හැසල්වුඩ් විස්සයි-20 පන්දු යවන්නන්ගේ සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවෙයි. එසේම ශ්‍රී  ලංකාවේ මහීෂ් තීක්ෂණ විස්සයි-20 පන්දු යවන්නන් අතර තවදුරටත් 6 වැනි ස්ථානයේ පසුවෙයි.

එසේම විස්සයි-20 පිතිකණ ශේ‍ර්ණිගත කිරීමේ පෙරමුණේ පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් පසුවෙද්දී එහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය මැදපෙළ පිතිකරු සූර්යකුමාර් යාදේව් සමත්ව තිබීමද විශේෂත්වයකි. පැතුම් නිස්සංක එහි 8 වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.

පෙර ලිපියඡන්දය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශයට අස්සන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here