Home Local News Room : කාගෙවත් උදව්වක් නැතිව ඉංගී්‍රසි – හින්දි හොඳට කතා කරන...

News Room : කාගෙවත් උදව්වක් නැතිව ඉංගී්‍රසි – හින්දි හොඳට කතා කරන අවුරුදු අටේ දරුවෙක්

4
0


අති දුෂ්කර ප්‍රදේශයක පහසුකම් අවම ග්‍රාමීය පාසලක විශ්වය ගැන චතුර ලෙස ඉංග්‍රීසියෙන් කතා කරන්නට තරම් හැකියාවක්  ඇති දරුවකු සිටිනවා යැයි කීවොත් ඔබට එය පුදුම හිතෙනු කරුණක් වනවාට සැකයක් නැත.

එවැනි උපන් හපන්කම් ඇති 8 හැවිරිදි දරුවකු හසලක, මීගොල්ල ප්‍රාථමික විද්‍යාලයේදී අපට මුණගැසිණි. මේ හපන්කම් පෙන්වනු ලබන්නේ මීගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ  3 ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන  ඉනුෂ උමයංගන බාලසූරිය දරුවාය.

හසලක, හිඹුටුව ගමේ පදිංචි මෙම දරුවා කුඩා කල සිටම කිසිම අයකුගේ උදව්වක් නොමැතිව හින්දි භාෂාවද චතුර ලෙස කතා කිරීමට පුරුදුව සිටින බව පියා වන නිලන්ත කුමාර බාලසූරිය මහතා සඳහන් කරයි.

ඉනුෂ උමයංගන බාලසූරිය දරුවා 3 ශේණියට එනවිට ඉතාම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට පුරුදු වී ඇති අතර එය ඔහු උපතින්ම ගෙනා සහජ කුසලතාවක් බව මොහු පිළිබඳව විමසීමේදී ගුරුවරුන් හා ප්‍රදේශවාසීහු පවසති.

මොහු පාසලේදී ඉංගී්‍රසි විෂය හදාරන්නට පටන්ගෙන වසරක පමණ කාලය ගත වුවත් කිසිම ආභාසයක් නොලබා ඔහු ඉංග්‍රීසි භාෂාව කතා කිරීම පුදුම සහගත බව ගුරුවරු පවසති. මොහු වැඩිපුරම කතා කරනුයේ විශ්වය සහ විශ්වයෙන් එහා ගිය තොරතුරු, ඩයිනොසරස් සහ විශ්වය පිළිබඳ නොයෙක් අදහස්ය. සෑම දෙයක්ම තාක්ෂණික පැත්ත, විද්‍යාත්මක පසුබිම මොහු ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා දෙන්නේ ඉතාමත් පැහැදිලිවය.

විදුහල්පති එච්.එම්. රංජිත් මහතා සහ ඉංගී්‍රසි විෂය ගුරුවරයා වන කිත්සිරි කරුණාරත්න මහතා මොහු පිළිබඳ කතා කරන්නේ දැඩි සතුටකිනි. උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන ශිෂ්‍යයකුටවත් නොමැති, ඉන් එහා ගිය අසීමිත බුද්ධියක් මෙම දරුවා සතුව පවතින බවද ගුරුවරු පවසති. මොහුගේ මෙම දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට යම් අයෙක් අත හිත දෙන්නේ නම් මේ දරුවාගේ අනාගතය තවදුරටත් ඔපවත් වනු ඇති බවද ඔවුහු පවසති.

හසලක – සුනිල් ඉහළගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here