Home Local News Room : අක්‍රම් හා ජයසූරියත් LPL තරගාවලියට

News Room : අක්‍රම් හා ජයසූරියත් LPL තරගාවලියට

2
0


ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) සන්නාම තානාපතිවරුන් ලෙස ශ්‍රී  ලංකා හිටපු නායක සනත් ජයසූරිය සහ පාකිස්තාන හිටපු නායක වසීම් අක්‍රම් පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙවර එල්.පී.එල්. තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 6 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ හම්බන්තොට සූරියවැව, මහනුවර පල්ලේකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමිනි.

කෙසේ වෙතත් මෙම නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සනත් ජයසූරිය ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි. “මම ගොඩක් සතුටට පත්වෙනවා මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන්. එසේම අපගේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක්.”

එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ වසීම් අක්‍රම් “මම හැම අවස්ථාවකම ශ්‍රී  ලංකා ක්‍රිකට් රසිකයෙක්. ඒ වගේම මම ශ්‍රී  ලංකාවට ආදරය කරනවා. අවසන් ජාත්‍යන්තර තරගාවලිවලදී ශ්‍රී  ලංකාව ඉතා හොඳින් ක්‍රීඩා කළා ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී  ලංකා ක්‍රිකට් වලට යහපත් දෙයක් වනු ඇති බවත් මා විශ්වාස කරනවා.” යනුවෙන් පවසා තිබිණි.

තවද සනත් ජයසූරියගේ සහ වසීම් අක්‍රම්ගේ දායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත ‍ෙදාඩන්වෙල මහතා පවසා තිබුණේ මෙවැන්නකි. “මෙම ශේ‍ර්ෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා අපි සමඟ එක්වීම සම්බන්ධයෙන් උද්දාමයට පත්වෙනවා. සනත් සහ වසීම් යනු ක්‍රීඩාලෝලීන් විශාල වශයෙන් ආදරය කරන ක්‍රීඩකයන් දෙදෙනක්. ඒ අනුව මෙම තරගාවලියේ අවශ්‍ය ප්‍රචාරණය සඳහා ඔවුන් උපරිම දායකත්වය ලබා දේවි”

පෙර ලිපිය“ඍජු බදු වැඩි කර රටේ ආදායම වැඩි නොකළොත් නැවත පෝලිම් යුගයකට යාමට සිදු වෙනවා” – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here