Home Local News Room : රිමාන්ඩ් එකේ සිටියදී ළඟ තබා ගත් දුරකතනයෙන් තිළිණි ප්‍රියමාලි...

News Room : රිමාන්ඩ් එකේ සිටියදී ළඟ තබා ගත් දුරකතනයෙන් තිළිණි ප්‍රියමාලි කතා කළේ කාට දැයි හෙළි වෙයි

2
0


රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් අනවසරයෙන් ලබා ගන්නා ලද දුරකතනයක් හරහා පුද්ගලයෙකු අමතා තමාට ඇප ලබා ගැනීම සඳහා ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙසට තිළිණි ප්‍රියමාලි යන අය ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ඔක්. 19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවේ ප්‍රකාශ කළේ ය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහි නඩුව අද (ඔක්. 19) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළේ ය.

සැකකාරිය විසින් බන්ධනාගාරය තුළදී අනවසරයෙන් තබා ගන්නා ලද දුරකතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

පෙර ලිපියතිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යළි ත් රිමාන්ඩ්
ඊලග ලිපියයක්කලමුල්ල වෙඩි තැබීම: අයෙක් මරුට, සිව් හැවිරිදි දරුවාට බරපතළයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here