අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
අද (ඔක්. 19) සංශෝධිත මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන අතර දිවයින පුරා ඇති සියලු ම ලංකා සතොස අලෙවිසල් මගින් එම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි එම ආයතනය පැවසීය.
ඒ අනුව, සුදු ළූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 490කි.
මීට පෙර සුදු ළූණු කිලෝග්‍රෑම් එකක් පැවතියේ රුපියල් 550ක මිලකට ය.
පාන් පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 55කින් පහළ දමා ඇත.
ඒ අනුව, රුපියල් 375ක්ව පැවති පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 320ක් දක්වා පහළ දමා තිබේ.
රුපියල් 1500ක පැවති හාල්මැස්සෝ කිලෝවක මිල රුපියල් 50කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1450කි.
කඩල පරිප්පු කිලෝවක මිල ද රුපියල් 30කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 285කි. මීට පෙර කඩල පරිප්පු කිලෝවක මිල පැවතියේ රුපියල් 315කට ය.
තව ද සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 260කි. මීට පෙර සුදු සීනි කිලෝග්‍රෑම් එකක් අලෙවි කළේ, රුපියල් 275ක මිලකට ය.
ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක මිල ද රුපියල් 5කින් පහළ දමා ඇත. ඒ අනුව, එහි නව මිල රුපියල් 169ක් දක්වා පහළ දමා තිබේ.
මීට පෙර ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් අලෙවි කළේ, රුපියල් 174ක මිලකට ය.






