Home Local හිටපු කැබිනට් ඇමතිගේ ඥාති පුතා නුවර වාහන ජාවාරමක News Room

හිටපු කැබිනට් ඇමතිගේ ඥාති පුතා නුවර වාහන ජාවාරමක News Room

1
0


අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගේ රථ වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටින බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

සැකකරු හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමීප ඥාතියෙකු බව ද විමර්ශන මගින් හෙළි වී තිබේ.

මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් මහයියාව ප්‍රදේශයේ කලක පටන් පවත්වා ගෙන යන අදාළ වාහන අලෙවිසලේ හිමිකරු වන සැකකරුගේ පියාගෙන් ද පොලිසිය මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර තම පුතු සිටින ප්‍රදේශයක් නොදන්නා බව ඔහු පොලිසියට පවසා ඇත.

මහයියාව වාහන අලෙවි සලේ ගාල්කර තබා කොමිස් මුදලක් තබාගෙන වාහනය විකුණා මුදල් දෙන බව පවසමින් මෙම පුද්ගලයා දිවයිනේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ම වාහන ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙලෙස ලබාගත් තම වාහනය විකිණීමෙන් ලද මුදල ලබා නොදුන් බවට පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සැකකරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරි මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

පෙර ලිපියකෝටිපති මැණික් ව්‍යාපාරිකයා Blackmail කළ සුරූපිනිය අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here