
ඊයේ (ඔක්. 18) දින උදෑසන කාලයේදී කොල්ලුපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේ පුද්ගලයෙකු වැටී මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, මේ පිළිබඳව 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයක් මත කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව ය.
මරණකරු අවුරුදු 40ත් 50ත් අතර වයසක පිරිමි පුද්ගලයෙකු වන අතර උස අඩි 05 අඟල් 06ක් පමණ වන නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ කළු පැහැති අත් දිග කමිසයක් ඇඳ අත් කොටට නවා ඇත.
මරණකරු යාචක පුද්ගලයෙකු බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මේ අතර, ඊයේ (ඔක්. 18) දින රාත්‍රි කාලයේදී හෙට්ටිපොළ පොලිස් වසමේ, විලගෙදර වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මාර්ගයේ වැටී සිටින බවට හෙට්ටිපොළ පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය සඳහන් කළේ, තුවාලකරු හෙට්ටිපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවට වෛද්‍යවරයා දන්වා ඇති බව ය.
මරණකරු වයස අවුරුදු 62ක් වන කුඩාවැව, මංඩාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා පා ගමනින් ගමන් කළ පුද්ගලයෙකු බව ත් මරණකරුගේ ශරීරයේ තුවාල ඇති බවට ත් පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
මෘත ශරීරය හෙට්ටිපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත මරණ පරීක්ෂණය අද (ඔක්. 19 ) දින සිදු කිරීමට නියමිත ය.
හෙට්ටිපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.