තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තා හෙට (ඔක්. 19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මහ පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදු කළ තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (ඔක්. 17) අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර පෙම්වතා සංචාරක ව්‍යාපාරයේත්, මැණික් ව්‍යාපාරයේත් නිරතව සිටියදී 2019 වසරේ ඇය හඳුනාගෙන ඇගේ සැමියා ලෙසත් ඇයගේ පෙම්වතා ලෙසත් සමාජය ඉදිරියේ පෙනී සිටි තැනැත්තෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, කොළඹ බිස්ට්‍රල් ගොඩනැගිල්ලේ ව්‍යාපාර සමූහයක් පවත්වාගෙන යන කමල් හසන් නම් වූ ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ය.
වැඩිදුර කියවන්න…






