Home Local “අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත වැටිලා” News Room

“අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත වැටිලා” News Room

2
0


වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ඔක්. 18) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහි දී ඔහු කියා ප්‍රකාශ කළේ, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළ බව ත් එහිදී වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු වී ඇති බවට වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ බව ය.

ඒ අනුව, පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල් 308 දක්වාත්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 220 සිට රුපියල් 165 දක්වාත්, සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210 සිට 160 දක්වාත්, සීනි කිලෝවක මිල රුපියල් 376 සිට රුපියල් 275 දක්වා ද, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 395 සිට රුපියල් 275 දක්වා ද පහත වැටී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා තමා සමග ප්‍රකාශ කළ බව ඔහු පැවසීය.

පෙර ලිපිය22ට කැබිනට් මණ්ඩලය අත ඔසවන බව ඇමති බන්දුල කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here