Home Local සාරා ඉන්දියාවට පැන්නා ද? මිය ගියා ද? තෙවන DNA වාර්තාව අධිකරණයට News...

සාරා ඉන්දියාවට පැන්නා ද? මිය ගියා ද? තෙවන DNA වාර්තාව අධිකරණයට News Room

2
0


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරකයෙකුගේ භාර්යාව වූ සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් මියගොස් ඇති දැයි සැක හැර දැන ගැනීමට කරන තෙවන ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අවසන් කර ඇති බව රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම අවසන් පරීක්ෂණ වාර්තාව අධිකරණයට හා පොලිසියට ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලබා දී ඇති බව ඔහු සඳහන් කළේ ය.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු යළි ගොඩනැනීමෙන් පසුව මෙම ඩී.එන්.ඒ. පරීක්ෂාව තෙවන වරටත් සිදු කර තිබිණි.
අම්පාර පොදු සුසාන භූමියේදී පසුගිය අප්‍රේල් 27 වන දා එම සිරුරු කොටස් ගොඩගනු ලැබුවේ කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයට අනුව ය.
සාරා ජෙස්මින් මියගොස් ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මීට පෙර ඩී.එන්.ඒ. පරීක්ෂණ 2ක් සිදු කෙරිණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ විමර්ශන කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර ප්‍රකාශ කර තිබුණේ, සාරා ජෙස්මින් සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය බවට තහවුරු වී නොමැති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here