Home Local රාජ්‍ය සේවයේ 12,000ක් එක ම දවසේ විශ්‍රාම යති News Room

රාජ්‍ය සේවයේ 12,000ක් එක ම දවසේ විශ්‍රාම යති News Room

2
0


මේ වසර තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ කර විශ්‍රාම යන 12,000කට අධික රාජ්‍ය නිලධාරීන්ට, විශ්‍රාම යන දිනයේ ම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාදීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනට අනුව ඉකුත් ජනවාරි 1දා සිට ලබන දෙසැම්බර් 31දා දක්වා කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
විශ්‍රාම ගන්නා නිලධාරියෙකු වෙත විශ්‍රාම යන දිනට ම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිගැන්වීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්ය බව සඳහන් කරන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3 /2015හි 6 (11) වගන්තිය අනුව විශ්‍රාම වැටුප් අයැදුම්පත් විශ්‍රාම ගන්වන දිනට මාස තුනකට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇති බව පෙන්වා දී ඇත.
ඒ අනුව, විශ්‍රාම යන නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ විශ්‍රාම යන දිනට ම කාර්යක්ෂමව ලබා දිය හැකි වන පරිදි නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයැදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් දැනුම් දී ඇත.
සියලු ම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත මේ සඳහා වන ලිපිය යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here