අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටින කොළඹ ජනාධිපති කාර්යාලය සහ ගාලු මෝදර පිටියට ඉහළින් ගුවන් හමුදා හෙලිකොප්ටර යාන වට කිහිපයක් ගමන් කර තිබේ.
ඒ හේතුවෙන් අරගලකරුවන් යම් කැළඹීමට පත්ව ඇත. සමාජජාලාවල ඔවුන් අදහස් පළ කරන්නේ යම් ප්‍රහාරයක් එල්ල වීමට සූදානමක් ඇති බවටයි.
මේ වන විට බස්නාහිර පළාත පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබේ.





