Home Local අද සිට ඇල්ලවල දිය ඇල්ල සංචාරකයන්ට තහනම්.

අද සිට ඇල්ලවල දිය ඇල්ල සංචාරකයන්ට තහනම්.

32
0

අද (03) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ල සංචාරකයන්ට තහනම් කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු, අද දින සිට ඇල්ලවල දිය ඇල්ලට ඇතුළුවීම හෝ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් බවයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා සඳහන් කළේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ, පසුගිය දින තරුණයන් දෙදෙනකු මිය යාමත් සමඟ එම තීරණය ගත් බවයි.

මීට අමතරව පසුගිය මාස කිහිපය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු ඇල්ලවල දිය ඇල්ලේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here