Home Local කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අභාවප්‍රාප්ත වෙයි

148
0

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී වෛද්‍යවරයෙකු මියගිය පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවනු ලැබුවා. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here