Home World News Room : ඉරාන මැති­ව­ර­ණයේ ඡන්ද භාවි­තය අඩු වෙයි

News Room : ඉරාන මැති­ව­ර­ණයේ ඡන්ද භාවි­තය අඩු වෙයි

0
0

වසර 2022 දී රාජ්‍ය විරෝධී විරෝ­ධ­තා­ව­ලින් පසු ඉරා­නයේ පළමු මැති­ව­ර­ණය ඊයේ පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මැති­ව­ර­ණය ඉරා­නයේ නාය­ක­ත්වය සඳහා නීත්‍ය­නු­කූ­ල­භා­වය සහ ජාතික සහ­යෝ­ගි­තාව පිළි­බඳ තීර­ණා­ත්මක පරි­ක්ෂ­ණ­යක් බව දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

හිස් ආව­රණ පැල­ඳීම ප්‍රසි­ද්ධි­යේම ප්‍රති­ක්ෂේප කළ ඉරා­නයේ 22 හැවි­රිදි සමාජ ක්‍රියා­කා­රි­නි­යක වූ මහ්සා අමිනි පොලිස් අත්අ­ඩං­ගු­වේදී ජීවි­ත­ක්ෂ­යට පත්වීම හේතු­වෙන් ඉරා­නයේ විරෝ­ධතා උද්ගත වූ අතර, මෙවර මැති­ව­ර­ණ­යේදී එම සිදු­විම මුල් කර­මින් බහු­තර ජන­තාව ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඉරා­නයේ ඡන්ද­දා­ය­ක­යන් මිලි­යන 61.2ක් මෙවර ඡන්දය භාවිත කිරී­මට සුදු­සු­කම් ලබා සිටි අතර, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් තෝරා පත් කර­ගැ­නීම සහ විශේ­ෂ­ඥ­යන්ගේ සභාව තෝරා පත් කර­ගැ­නීම සඳහා වෙන් වෙන් වශ­යෙන් මැති­ව­ර­ණය පැවැත්වේ. උත්ත­රී­තර නාය­කයා සහ හමුදා අණ­දෙන නිල­ධා­රියා ලෙස ඉරා­නයේ නාය­කයා පත් කරනු ලබන්නේ එම විශේ­ෂ­ඥ­යන්ගේ සභාව විසිනි.

ඡන්දය භාවිත කරන ලෙස එරට උත්ත­රී­තර නාය­කයා වන අය­තුල්ලා අලි කමේනි ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කර ඇති අතර, දශක තුනක කාල­යක් එරට නාය­ක­ත්වය දැරූ අල් කමේනි ජන­තා­වට කියා ඇත්තේ ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් කිසිදු ගැට­ලු­වක් විස­ඳෙන්නේ නැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here