Home World News Room : කේර­ළයේ මිනි­ස­කුගේ පෙණ­හැල්ලේ කැර­පො­ත්තෙක්

News Room : කේර­ළයේ මිනි­ස­කුගේ පෙණ­හැල්ලේ කැර­පො­ත්තෙක්

0
0

හුස්ම ගැනීමේ දැඩි අප­හ­සු­තා­වට ලක්ව සිටි පුද්ග­ල­ය­කුගේ පෙණ­හ­ලු­වල සිරවී සිටි කැර­පො­ත්තකු වෛද්‍ය­වරු විසින් පිට­තට ගනු ලැබීමේ අසා­මාන්‍ය සිදු ­වී­මක් ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්ත­යෙන් වාර්තා වේ. කේරළ ප්‍රාන්තයේ කොචි නුවර අම්රිතා රෝහ­ලට ඇතු­ළත් කළ 55 හැවි­රිදි රෝගියා හුස්ම ගැනීමේ දැඩි අප­හ­සු­තා­ව­යෙන් පෙළුණු බවත්, ස්කෑන් පරි­ක්ෂ­ණ­ය­කින් පසු ඔහුගේ පෙණ­හ­ලු­වල සෙන්ටි­මී­ටර් 4ක් දිග කැර­පො­ත්තකු සිටි බවට හෙළි වූ බවත් රෝහලේ වෛද්‍ය ප්‍රධානි ටින්කු ජෝසෙප් ප්‍රකාශ කර තිබේ. පසුව පැය අටක සැත්ක­ම­කින් කැර­පොත්තා පිට­තට ගැනී­මට වෛද්‍ය­වරු සමත් වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

එම රෝගියා මීට පෙර ගෙල තුළින් පෙණ­හ­ලු­ව­ලට නාළ­යක් සවි කිරීමේ සැත්ක­ම­කට භාජ­නය වූ රෝගි­යකු බව අනා­ව­ර­ණය වී ඇතැයි ද, කැර­පොත්තා ඔහුගේ පෙණ­හලු තුළට ගොස් ඇත්තේ එම නාළය ඔස්සේ බවට වෛද්‍ය­වරු අනු­මාන කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳ­හන් කළේය. කැර­පොත්තා ඉවත් කිරී­මෙන් පසු වැඩි­දුර ප්‍රති­කාර ලැබූ රෝගියා රෝහ­ලෙන් පිටව ගොස් ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහ­පත් බවත් වෛද්‍ය­වරු ප්‍රකාශ කර ඇත.

The post කේර­ළයේ මිනි­ස­කුගේ පෙණ­හැල්ලේ කැර­පො­ත්තෙක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here