13
ශ්රී ලංකා වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා අසනීපවීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල සංචිතයට එක්වීම සඳහා ඊයේ (1) බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. බංග්ලාදේශයට එරෙහි විස්සයි20 තරගාවලිය සඳහා නම් කළ කුසල් ජනිත් උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් ශ්රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය මාර්තු 4 වැනිදා සියෙල්හෙට්හිදී ආරම්භවීමට නියමිතය. නිරෝෂන් දික්වැල්ල අවසන් වරට ශ්රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරගයකට ක්රීඩා කළේ මෙයට වසර 3කට පමණ පෙර 2021දී එංගලන්තයට එරෙහිවය.
මේ දිනවල ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කරන මෙරට ප්රධානතම දේශීය එක්දින ක්රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේදී මහනුවර පිල නියෝජනය කරන දික්වැල්ල පිට පිට අර්ධ ශතක 2ක් ලබා අවධානයට ලක්ව සිටින අතර, පෙරේදා පැවති තරගයේදී පන්දු 23කදී ලකුණු 50ක් වාර්තා කළේය.
සංචාරක ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර විස්සයි20 තරග 3ක් එක්දින තරග 3ක් හා ටෙස්ට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්රින්ස් ගුණසේකර








