Home World News Room : සේවයට වාර්තා නොකරන වෛද්‍යවරුන් අත්අඩංගුවට – දිනමිණ

News Room : සේවයට වාර්තා නොකරන වෛද්‍යවරුන් අත්අඩංගුවට – දිනමිණ

0
0

ලබන වසරේ සිට වෛද්‍ය විද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව දෙදහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව කනිෂ්ඨ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අවසන් නොකරන්නේ නම් අත්අඩංගුවට ගන්නා බවට දකුණු කොරියානු රජය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම නැවත සේවයට වාර්තා නොකරන්නේ නම් වෛද්‍ය බලපත්‍රය අහෝසි කරන බවට ද එරට කනිෂ්ඨ වෛද්‍යවරුන්ට රජය දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය සතියේදී එරට කනිෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් 75% ක් සේවයෙන් ඉවත්ව හෝ වර්ජනයේ නිරතව සිටි අතර, ප්‍රධාන රෝහල් ගණනාවක සැත්කම් සහ ප්‍රතිකාරවලට දැඩි බලපෑම් එල්ල වී තිබූ බව ද වාර්තා වේ. මේ අතර වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් රෝගී කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ද දකුණු කොරියානු රජය කටයුතු කර තිබේ.

ලොව සංවර්ධිත රටවල් අතර රෝගීන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව අඩුම වෛද්‍යවරුන්ගේ අනුපාතය සහිත රටක් ලෙස සැලකෙන දකුණු කොරියාව ලබන වසරේ සිට වෛද්‍ය විද්‍යාල සඳහා නවක සිසුන් බඳවා ගැනීම දෙදහසකින් වැඩි කිරීමට තීරණය කර ඇත්තේ එම කරුණ ද සැලකිල්ලට ගනිමින් බව වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here